Yasa poth යස පොත්

  • Home
  • Yasa poth යස පොත්

Yasa poth යස පොත් books

ඉතිහාසය තුළ සැඟව ගිය වීරත්වය යළි මතුකරන ඓතිහාසික නවකතා යුග්මය..මහා පාලි හා කිත්ති.කමල් නෙළුන්දෙනිය විසින්  රචිත මෙම  ග්‍...
23/07/2026

ඉතිහාසය තුළ සැඟව ගිය වීරත්වය යළි මතුකරන ඓතිහාසික නවකතා යුග්මය..
මහා පාලි හා කිත්ති.
කමල් නෙළුන්දෙනිය විසින් රචිත මෙම ග්‍රන්ථ 20% වට්ටමක් යටතේ කතුවර අත්සනද සහිතව දැන් යසපොත් වෙතින් මිළදී ගැනීමට පහත අංකයට වට්ස්ඇප් කරන්න.
076 319 6010

මහා පාලි..
මිළ.රු 960. (රු 1200)
ඊජිප්තියාණු රැජිණක් වූ රූමත් ක්ලියෝ පැට්‍රාගේ නැහැය දිගටි වු බැවින් ඇය ඉතා ආකර්ෂණීය වූවාය.ඇයගේ නැහැය කෙටි වි ඈ අවලස්සන වූවා නම් රෝම ඉතිහාසය මීට වඩා වෙනස් වන්නට තිබුණා යැයි මම අසා ඇත. දේශිය දුඹුරු පැහැයකින් යුත්,යක්ඛ ගෝත්‍රික කුවණ්ණා ද ආකර්ෂණීය නොවන්නියක් වූවා නම්,විජය රජු සමග බැඳෙන අපගේ ඉතිහාසයත් නොඅනුමානව වෙනත් අතකට පෙරෙළෙන්නට තිබුණි.
යක්‍ෂණියක්ය යන හැඟීමෙන් කුවේණිය මවාගත් මා ද, ඇයගේ රූපයට ඇලුම් කරන්නට පටන් ගත්තේ කතුවර කමල් නෙළුන්දෙනියගේ මහාපාලි නමැති ඉතිහාස නවකතාවේ ,පළමු පරිච්ඡේද දෙක තුන පසුවන්නටත් කලියෙනි. විජය රජුගේ සනුහරයේ කුඩු කේඩුකම් වලට මෙන්ම,ස්වදේශික ඥාතීන්ගේ
අභියෝගයන්ටද මුහුණ දෙන කුවණ්ණා පාඨකයන්ගේ හිත් තුළ ජීවත් වන්නේ ආත්ම ශක්තියෙන් පිරුණු ගැහැණියක් ලෙසය. කුවේණි මාතාවෝ ද පටාචාරා "මහ අම්මා " මෙන් ඝන වනයක දරුවන් ළයට තදකරගෙන හෙවණැල්ල යට තියා රකිති. කතුවරයා කුවේණි මාතාවගේ දරු ස්නේහය කඳුළු ඉහිල් වෙන තරමටම පාඨකයාට දැනෙන්නට හරි.
කුවණ්නා නැමැති අම්මා ගෞරව සිතින් යුතුව, වැළඳ ගැනීමට පාඨකයා නංවා ගැනීමට කතු කමල් නෙළුන්දෙනියගේ
""ලිවීමේ කලාව" ඉතා සියුම්ය.
විජය රජුගේ කෘාර අතහැරීම හමුවේ උම්මත්තකව විප්‍රයෝගය දරන කුවේණි කෙරෙහි අනුකම්පාවත්, විජය කුමාරයා පිළිබඳව තරහවත් ඇතිකරවන ""සාහිත්‍ය ප්‍රයෝග" ප්‍රශස්තය.
කෙසේ වුව විජය රජුගේ ඛේදනීය අවසන් හෝරාවේදී රජු සමග කඳුළක් හලන්නට ඔබද එක්වනු බව මට සහතිකය.
කතුවරයාගේ පළමු නවකතාව " කිත්ති" සේම මෙම මහාපාලි නවකතාවත්,පාඨක අපගේ පොත් රාක්කයෙන් ඉඩක් ගන්නා බව මට විශ්වාසය.


කිත්ති..
මිළ රු.1000 (රු.1250)

ඉතිහාසය නිරන්තරයෙන් පුනරාවර්තනය වෙයි...
කිත්ති යනු...
කාලයේ අඳුරු වැලි තලා යට සැඟව ගිය හෙළයේ මහා විරුවාගේ කතාවයි....
ලක් ඉතිහාසයේ ගමන් මග වෙනස්ම මානයකට යොමු කළ හැරවුම් ලක්ෂ්‍යයේ නිර්මාණකරුවාගේ කතාවයි...
ප්‍රේමය, වීරත්වය ,කෘතවේදීත්වය ,පමණක් නොව විරහව ද, ද්‍රෝහීත්වය ද, පසුතැවිල්ල ,ද එක ලෙස කැටි කොට ගත් එදා සිදුවුණ අදත් සිදුවෙමින් පවතින අනුවේදනීය ඉතිහාස කතාවයි..

වෛද්‍ය කමල් නෙළුන්දෙනිය විසින් රචිත මෙම ඓතිහාසික ප්‍රබන්ධය..
පොළොන්නරුවෙහි පළමුවෙනි විජයබාහු රජතුමාගේ ජීවන චරිතයත්, පනාකඩුව තඹ සන්නසත්, බුද්ධනායක, රවිදේව, ලීලාවතී ආදී ඓතිහාසික චරිතත් පාදක කොටගත් සාහිත ගුණයෙන් අනූන රසවත්
පරිකල්පනාවකි..

Address

227/2, Dummaladeniya, Warakapola

Telephone

+94773913454

Website

Alerts

Be the first to know and let us send you an email when Yasa poth යස පොත් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Club

Send a message to Yasa poth යස පොත්:

Shortcuts

  • Want your club to be the top-listed Nightclub?

Share